• Tue. Apr 16th, 2024

2021 Brands Annual ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය ලෙසින් බේබි ෂෙරමි පිදුම් ලබයි

ByAuthor

Jun 24, 2021

LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එකේ ළදරු නිෂ්පාදන සන්නාමය වන හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමි, වැඩිම ජනතා ප්‍රසාදයක් සමඟින් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය (Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ.

සුවහසක් මව්පියවරුන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනා ගනිමින්, දශක හයක කාලයක පුරාවට දරු පැටවුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් සිදුකළ බේබි ෂෙරමි නිෂ්පාදන, මුදු සුමුදු සිඟිති සම රැකගන්නට වෙහෙසෙන සෑම ආදරණීය මවකගේම සහ පියකුගේම ප්‍රථම තේරීම වී හමාරයි. ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේ,  ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත් වෙමින්, බේබි ෂෙරමි නිෂ්පාදන කෙරෙහි වූ මව්පියවරුන්ගේ ඒ විශ්වාසය නැවත වරක් සනාථ කරයි. 

දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළ වෙත ඉහළම ගුණත්වයෙන් සහ සෞඛ්‍යාරක්ෂිත බවෙන් යුත් නිෂ්පාදන ආදරයෙන් තිළිණ කරන සන්නාමයක් ලෙස බේබි ෂෙරමි අවිවාදයකින් තොරව පිළිගැනේ. මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්,  බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිනී දනුෂ්කා සිල්වා මෙලෙස පවසා සිටියි.  “මිලියන ගණනක ශ්‍රී ලාංකීය හදවත් ස්පර්ශ කරමින් ලැබූ මෙම ජයග්‍රහණය තුළින්, බේබි ෂෙරමි නිෂ්පාදන පිළිබඳ ඔබ තබා ඇති විශ්වාසය  සහ ආදරය හොඳින් පෙනී යනවා.  දශක හයක විශ්වාසය රැගත් මෙම ආදරණීය ගමනේ හවුල්කරුවන් වූ ඔබට අප ස්තූතිවන්ත වනවා.  වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් තත්ත්වයෙන් ඉහළම නිෂ්පාදන ඔබ වෙත තිළිණ කිරීමට බේබි ෂෙරමි අප නිරතුරුවම ක්‍රියා කළා.  අපට සෑමවිටම වැදගත් වන්නේ දරුපැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපසුව, ඒ වෙනුවෙන් ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන ඔබ වෙත ඉදිරියේදීත් දායාද කිරීමට අප කැපවී සිටිනවා.” 

බේබි සබන්, ෂැම්පු, බේබි කොලොන්, ක්‍රීම් සහ ලෝෂන්, ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ වෙට් වයිප්ස්, නැපි රෑෂ් ක්‍රීම්, බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇත. විශිෂ්ට ගුණත්වය සහ ආරක්ෂාකාරී නවීන නිෂ්පාදන ක්‍රියාවලීන් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLS සහතිකය දිනාගත් බේබි සබන් සන්නාමය වන්නේද බේබි ෂෙරමියි.  තවද, බේබි ෂෙරමි නිෂ්පාදන පැටියට හිතකර, IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති අතර, පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකවද සනාථකර තිබීම විශේෂත්වයක්.

දශක හයක කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන් අතර විශ්වාසනීය සන්නාමය වූ බේබි ෂෙරමි විසින්, දරු පැටියා රැකබලා ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා මව සහ පියා දෙදෙනාගේම ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම ද සමාජයට පෙන්වා දෙමින් සිටිනවා. විශේෂයෙන්ම දරුවාගේ මොළය විශාල වශයෙන් වර්ධනය වන සහ ඔවුන්ගේ ඉදිරි අනාගතය තීරණය වන මානසික සහ ශාරීරික වෙනස්කම් රැසක් සිදුවන පළමු වසර තුනක කාලය තුළ  දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා මෙන්ම, දරුවා රැකබලා ගැනීමේ කාර්යය සඳහා මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි කියන සංකල්පය දෙමව්පියන් තුළට ගෙනයාමට බේබි ෂෙරමි කැපවී සිටිනවා.    මේ අනුව “සමසහභාගි දෙමාපියත්වය”  යන සංකල්පය දේශීයව ප්‍රචලිත කිරීමටත්, එහි වැදගත්කම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමටත්, ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ මාර්ගෝපදේශනය සහිතව වැඩසටහන් රාශියක් බේබි ෂෙරමි ක්‍රියාත්මක කරමින් සිටිනවා. තවද,  දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය, ගර්භණී සත්කාර ඇතුලු දෙමව්පියන්ට වැදගත් වන විවිධ මාතෘකා කිහිපයක් පිළිබඳවම දැනුම වර්ධනය කිරීම උදෙසා බේබි ෂෙරමි, ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ සහයෝගය ඇතුව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.  

ඔබේ ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් සංචාරක සීමාවන් පනවා ඇති මේ මොහොතේ, කිසිඳු ගැටලුවකින් තොරව ඔබට අවශ්‍ය සියලුම බේබි ෂෙරමි  නිෂ්පාදන. https://hemasestore.com/brand/baby-cheramy/ වෙත පිවිස, හේමාස් කන්සියුමර්  e-store හරහා පහසුවෙන්ම මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. 

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *