• Sat. Apr 20th, 2024

Electrodeals විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store කොළඹදී විවෘත කරයි

ByAuthor

Aug 20, 2021

දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන  Electrodeals (Pvt)  ලිමිටඩ් විසින්  අග්නිදිග   ආසියාවේ විශාලතම Dell  Concept  Store මෙරටදී විවෘත කරන ලදී. ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්‍රමුඛ සන්නාමයක් වන Dell Technologies, Electrodeals සමාගම  සමඟ සම්බන්ධ වී මෙලෙස විවෘත කරන ලද Dell Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයින්ට හිමි වේ.   

කොළඹ ,විවෘත කරන ලද Dell Concept Store

අද්විතීය තාක්ෂණික  අත්දැකීමක් ලබා දෙන මෙම, Dell Concept Store හරහා  උපරිම නිදහස සහ පහසුව සමගින්, මිල ගණන් සංසන්දනය කර මිලදී ගැනීමටත්, මිලදී ගැනීමට  පෙර අත්හදා බැලීමටත් පාරිභෝගිකයන් හට  ඉඩ සැලසෙයි. තාක්ෂණික ක්‍රීඩා සදහා උද්යෝගිමත් පාරිභෝගිකයන් අරභයා  සුවිශේෂී ක්‍රීඩා පරිශ්‍රයකින්  ද Dell Concept Store සමන්විත වේ.තවද  පාරිභෝගිකයන් හට  තමන්ට ගැලපෙන නිෂ්පාදන තෝරා ගැනීමට උදවු කිරීමට Electrodeals   කණ්ඩායම  කැප වී සිටියි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Dell Technologies මාලදිවයින් සහ ශ්‍රී ලංකා කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා මෙලෙස පවසා සිටියි.” Electrodeals යනු ඉහළම තත්ත්වයේ  Dell මාදිලියේ උපාංග රැසක් එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ලබා දෙන විශිෂ්ට ප්‍රදර්ශනාගාරයක්. ඕනෑම කෙනෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි කොළඹ  ආරම්භ කළ මෙම Dell Concept Store  හරහා පාරිභෝගිකයින්ට Dell උපාංග   මිලදී  ගන්න පුළුවන්. ඒ වගේම  උපරිම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම කෙරෙහි Dell අවධානය යොමු කරනවා. අපගේ Dell  පාරිභෝගිකයින්ට විශිෂ්ට අත්දැකීමක් ලබා දීමේ මෙම ගමනට  අප හා හවුල් වීම ගැන මම Electrodeals සමාගමට ස්තුති වන්ත වීමට  කැමතියි. “

(වමේ සිට) Dell Concept Store කළමනාකාර අධ්‍යක්ෂ ෆාහ්මි ඉස්මයිල් , Dell Technologies මාලදිවයින් සහ ශ්‍රී ලංකා කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු , සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි මෙහෙයුම් අධ්‍යක්ෂ ජගත් පෙරේරා

Dell Technologies මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා  බෙදාහැරීම්, සේවාලාභී සහ ව්‍යාපාර අංශ ප්‍රධානී ආබිඩ් අස්ලාම් මහතා මෙසේ පවසා සිටියේය. “අපගේ පාරිභෝගිකයින්ට උසස් තත්වයේ  අත්දැකීමක් ලබා දීම සඳහා මෙම Dell Concept Store   ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම ගැන මම  ආඩම්බර වෙනවා. මෙම Dell Concept Store හරහා පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අප කැපවී ක්‍රියා කරනවා,”

Dell Concept Store  විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් Dell Concept Store කළමනාකාර අධ්‍යක්ෂ ෆාහ්මි ඉස්මයිල් මෙසේ පැවසීය.”මෙම සුවිශේෂී Dell Concept Store දියත් කිරීමට Dell සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට  ලබා දුන් සහයෝගය සඳහා Dell කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම  ඉතා උසස් පාරිභෝගික සේවාවක් සැපයීමට ද   අපි කැපවී සිටිනවා. අපගේ මනා පුහුණුව ලත් පළපුරුදු අලෙවි කණ්ඩායම සහ වෘත්තීයමය වශයෙන් සහතික ලත් සේවා කාර්ය මණ්ඩලය  නිරතුරු පාරිභෝගික සහයට සිටීම පරිභෝගිකයන්ගේද සතුටට කරුණක් වෙනවා.”

Dell Concept Store හි සුවිශේෂී ක්‍රීඩා කෙලවර

රථ වාහන  20 ක්  නැවැත්විය හැකි රථ ගාලක් සහිත  Dell Concept Store  අංක 288, ගාලු පාර, කොළඹ 04, ප්‍රවේශ පහසුකම් සහිත පරිශ්‍රයක  පිහිටා ඇත. පාරිභෝගිකයින්ට www.dellshop.lk හරහා Dell Concept Store  වෙත පිවිස Dell නිෂ්පාදන  මිලදී ගැනීමට ද හැකියාව ලැබේ.

Electrodeals PVT Ltd  පිලිබඳ

Electrodeals යනු ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒමේ පුරෝගාමී   ආයතනයක් වේ. නව්‍ය ඊ-වාණිජ්‍ය වේදිකා සහ පැය 24/7 පාරිභෝගික සහය ඇතිව ශ්‍රී ලාංකිකයින්ගේ භාණ්ඩ මිලදී ගැනීමේ  අත්දැකීම පහසු  කරවයි.

# # #

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *