• Thu. Apr 25th, 2024

EVOPLAY – ශ්‍රී ලංකාවේ ප්‍රථම අද්විතීය විනෝදාස්වාද ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යය

ByAuthor

Dec 8, 2021

දුරකතන සේවා සමාගම් සඳහා අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් විවිධ පාරිභෝගික කාණ්ඩයන් ඉලක්ක කරගත් ඩිජිටල් විනෝදාස්වාද සේවා විටින් විට වෙළඳ පොළට හඳුන්වා දෙමින් සිටියි.  EVOPLAY යනු එහි  නවතම සේවා දියත් කිරීම වන අතර මෙය සුවිශේෂී වන්නට හේතුව නම් ඒ හරහා පුළුල් පරාසයක විහිදුනු ශ්‍රී ලාංකේය චිත්‍රපට, ටෙලිනාට්‍ය, ගීත වීඩියෝ, ක්‍රීඩා, සහ  වාර්තා චිත්‍රපට ඇතුළු විනෝදාස්වාද අංග රැසක් එකම ස්ථානයකින් නැරඹීමට හැකිවීමයි. මෙම සේවාවන් සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන අතර, ලොව ඕනෑම තැනක සිට ඇඟිලි තුඩක දුරින් EVOPLAY වෙබ් අඩවිය හෝ ඇප්ලිකේෂන් එක හරහා පහසුවෙන්ම මෙම සේවාව වෙත ප්‍රවේශ විය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, වෙළඳ සන්නාමයන් හට දේශීය සහ විදේශීය රටවල වෙසෙන  ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් අතර සිය වෙළඳ නාමය දේශීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වැනි රසාස්වාදන අන්තර්ගතයන් අඩංගු වේදිකාවක් තුල  ප්‍රචාරණය හා ප්‍රවර්ධනය කිරීමේ හැකියාව දැන් EVOPLAY වෙතින් ලබා දී ඇත. මේ හරහා පාරිභෝගික වෙළඳ ප්‍රචාරණ අත්දැකීමේ නව යුගයක් නිර්මාණය කිරීමට EVOKE INTERNATIONAL සමාගම සමත් වී ඇත.  Evoplay ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ වේදිකාව  තුල පල කරන දැන්වීම් සඳහා ඉහල ප්‍රතිචාර ලබා ගැනීමට අමතරව විකුණුම් වැඩි කර ගැනීම, පොදුවේ විශාල පාරිභෝගික පිරිසකට එකවර ළඟාවීම, නව වෙළෙදපොළවල් වල අලුත් පාරිභෝගිකයන් සොයා ගැනීම, තරඟකාරිත්වයට මුහුණදීමේ හැකියාව වැනි අවස්ථාවන් EVOPLAY හා සම්බන්ධ වන සියළුම වෙළඳ සන්නාමයන් හට සැලසේ. 

2008 වසරේදී ආරම්භ වූ EVOKE INTERNATIONAL ආයතනය, ශ්‍රී ලංකාවේ චිත්‍රපට, මියුසික් වීඩියෝ ඇතුළු අනෙකුත් විනෝදාස්වාද අන්තර්ගතයන් සඳහා හිම්කම් කියන ප්‍රමුඛ පෙලේ සමාගමකි. යු ටියුබ් සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය අනුව සැලකූ විට ශ්‍රී ලංකාවේ සංගීත නාලිකා අතර EVOKE MUSIC ප්‍රමුඛත්වයක් උසුළයි.   තවද, තිස්ස නාගොඩවිතාන , සුනිල් ටී ප්‍රනාන්දු සහ උදයකාන්ත වර්ණකුලසූරීය වැනි ජනප්‍රිය අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරුන්ට අයත් සුප්‍රකට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගොනු වල ජංගම බෙදාහැරීමේ හිමිකමද මේ වනවිට EVOKE INTERNATIONAL ආයතනය සතු වන අතර, 50 දශකයේ සිට මේ දක්වා නිර්මාණය වූ චිත්‍රපට හා ටෙලිනාට්‍ය රාශියක් EVOPLAY හි අන්තර්ගතව ඇත.  

සම්ප්‍රදායික මෙන්ම නූතන, පුළුල් පරාසයක විහිදුනු විනෝදාස්වාද අංශ රැසක් EVOPLAY හි අන්තර්ගත වන  අතර, ඕනෑම ANDROID හෝ IOS ස්මාර්ට් උපාංගයක් හරහා EVOPLAY ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමෙන් මෙන්ම www.EVOPLAY.LK අඩවියට පිවිසීම මගින් මෙම රසාස්වාදන සේවාවන් ලබාගත හැක. පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසයන්හි, APPSTORE සහ PLAY STORE හි වඩාත් ජනප්‍රිය ලැයිස්තුවෙහි දෙවන ස්ථානය (#2 Trending) බවට පත් වෙමින් EVOPLAY කෙටි කාල පරාසයක් තුළදීම ඉතා ඉහළ පරිශීලක ආකර්ෂණයක් දිනාගෙන සිටියි. 

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *