• Wed. Apr 17th, 2024

කාර්යක්ෂම පහසු දිවියකට Huawei Nova 7 SE, 5G සහ Huawei Watch GT 2 Pro

ByAuthor

Feb 23, 2021

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හි අරමුණ වනුයේ පරිශීලකයින්ට විවිධ ස්මාර්ට් උපාංග හරහා නවමු තාක්ෂණික අත්දැකීමක් ලබා දීමයි. මෙම නව ස්මාර්ට් උපාංග මගින් , මිනිසුන්ට වඩා කාර්යක්ෂම ලෙස ජීවත්වීමට හැකි වන පරිදි තාක්ෂණයෙන් සපිරි ලොවක්  සඳහා මංපෙත් විවර කර ගනිමින් පවතී . Huawei අඛණ්ඩව නවීන තාක්‍ෂණයන් භාවිතා කරමින් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයෙන් ඔබ්බට පැළඳිය හැකි උපාංග , රැහැන් රහිත ear buds  සහ වෙනත් තාක්ෂණික උපාංග මගින් නව ලොව ගැටළු සදහා  තාක්‍ෂණික විසඳුම් සපයමින් ස්මාර්ට් Home , Smart Office  වැනි වඩා දියුණු සංකල්ප වෙත ගමන් කරමින් පවතී .

Huawei Nova 7 SE සහ Huawei Watch GT 2 Pro සම්බන්ද කිරීම මගින් කාර්යක්ෂම ලෙස එදිනෙදා කාර්යයන් සිදුකිරීමේ හැකියාව පරිශීලකයින්ට හිමිවේ. Huawei Watch GT 2 Pro ස්මාර්ට් වොච් එක මගින් තම දුරකතනයට පැමිණෙන ඇමතුම් ලබාගැනීමට හැකියාව ඇති අතර ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමේදී ස්මාර්ට් දුරකථනය රැගෙන යාමේ අපහසුතාව මගහරවා ගැනීමට මෙය රුකුලක් වේ.

Huawei Nova 7SE යනු පළමු මධ්‍යම කාණ්ඩයේ 5G ස්මාර්ට් දුරකතනයයි. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන තිබෙනවා. අඟල් 6.5 ක Punch Full view display මඟින් ඉතා හොද දර්ශන තිරයක් ලබාදෙන අතර එය 90.3% screen-to-body අනුපාතයකින් යුක්ත වේ . ඉතා අනර්ඝ නිමාවකින් යුතු මෙම smart දුරකථනය Space Silver, Crush Green සහ  Midsummer Purple යන මෙම ආකර්ශණිය වර්ණ ත්‍රිත්වයෙන්ම ලබාගත හැක.

Huawei Nova 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව 64MP high-resolution lens එකකින්ද, 8MP ultra-wide-angle lens එකකින්ද, 2MP bokeh lens එකකින් සහ 2MP macro lens එකකින් සමන්විත ultra-high-resolution AI Quad කැමරාවකින් යුක්ත වේ. මෙම කාච හතරේ සුසංයෝගය නිසා ඉතා උසස් ජායාරුපකරණ හැකියාවක් පරිශීලකයන්ට හිමිවේ.

Huawei NOVA 7 SE ස්මාර්ට් දුරකතනයේ ඇති 64MP ultra-high-resolution මුලික කැමරාවේ Aperture අගය 1.8 අගයක් ගන්නා අතර ඒ සඳහා 1/1.7 inches image sensor එකක් භාවිතා කර තිබේ . මෙමගින් කැමරාව හරහා ලබා ගන්නා ඡායාරූප විශාලනය කර බැලීමේදී ඒවායේ කුඩාම details පවා වඩාත් පැහැදිලිව එහි විස්තර බලා ගත හැක. Huawei Nova 7 SE ජංගම දුරකථනයේ ඇති super night mode selfie තාක්ෂණය සහ BM3D DSLR level image noise reduction තාක්ෂණය හේතුවෙන් ඕනැම පරිසර තත්වයක් යටතේදී ලබා ගන්නා ඡායාරූප වල ඇති පැහැදිලි බව ඉතා ඉහල වේ .

තවද මෙම ස්මාර්ට් ජංගම දුරකථනය 4K high-definition video, DUAL-VIEW Video, super slow motion සහ time-lapse mode ඇතුළු තවත් නිර්මාණශීලී වීඩියෝ දර්ශන පටිගත කිරීමේ අවස්ථාව හිමිකරදේ. Huawei Nova 7 SE ජංගම දුරකථනයට තම 64MP ප්‍රධාන කැමරාව භාවිතා කර 4K resolution වීඩියෝ (30FPS frame rate එකෙන්) රූපගත කිරීමේ හැකියාව ඇති අතර AI editing පහසුකම නිසා පහසුවෙන් සහ ඉක්මනින් videos සංස්කරණය කිරීමේ හැකියාවද හිමිවේ.

Kirin 820 5G SoC චිප් එක මගින් බල ගැන්වෙන Huawei Nova 7 SE විශිෂ්ට වේගයක් සපයන අතර එය දුරකථන ක්‍රීඩාවල යෙදෙන්නන් හට මනා පහසුවක් හා වාසියක් වේ. උසස් වීඩියෝ තත්ත්වයෙන් යුත්  ක්‍රීඩා කළත් Nova 7SE  යනු කිසිදු ප්‍රමාදයකින් හෝ හිරවිමකින් තොරව ඉහල  කාර්යසාධනයක් සහිත ක්‍රියාකරන පරිපූර්ණ ස්මාර්ට් දුරකතනයක් වේ . ඊට අමතරව  ගීත , apps සහ චිත්‍රපට ඉතා වේගයෙන් බාගත කිරීමේ සහ  යාවත්කාලීන කිරීම් හැකියාව පරිශීලකයාට හිමිවීම තවත් එක් විශේෂ හේතුවකි. දුරකතනයක වේගය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන තවත් එක සාධකයක් වන්නේ එහි memory ධාරිතාවයි . මෙම Huawei Nova 7SE හි අන්තර්ගත 8GB RAM එක හේතුවෙන් වඩාත් තීව්‍ර බහු කාර්යයන් පවා හැසිරවිය හැකි අතර 128GB ROM මගින් බාගත කළ Apps, ඡායාරූප, වීඩියෝ සහ ක්‍රීඩා ගබඩා කිරීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දේ. සුමට 5G අත්දැකීමක් ගෙන ඒම සඳහා  Nova 7SE  හි නවතම GPU Turbo  තාක්ෂණය සහ යාවත්කාලින කරන ලද AppAssistant ද උපකාර වනවා.

Huawei Nova 7 SE  , 4000mAh බලවත් බැටරියකින් සමන්විත වේ. එහි විශාල බැටරිය නිසා වැඩි වේලාවක් බාධාවකින් තොරව අන්තර්ජාලයේ සැරිසැරීම , දුරකථන ක්‍රීඩාවල නිරතවීම සහ video බැලීමේ හැකියාව හිමිවේ . මිනිත්තු 30 ක් ඇතුළත බැටරිය 70% දක්වා ආරෝපණය කළ හැකි 40W Huawei SuperCharge තාක්ෂණයද මෙම දුරකතනයේ ආකර්ෂණිය බව තවත් වැඩි කරයි.

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම  නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර  ග්‍රෑම් 52 (පටි  රහිතව) වේ. Huawei Watch GT2 Pro පැළදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.

Huawei Watch GT2 Pro විසින්  fitness technology හි  විප්ලවීය වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම්ද  “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද  මෙහි අන්තර්ගතය. Huawei Watch GT2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යාම සදහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත ව්ශ්ලේෂණය කරමින් වඩා නිරවධ්‍ය වූ වර්ධන ක්‍රමෝපායන් යෝජනා කරයි .

Huawei Watch GT2 Pro අතේ ඇති හෙයින්, පරිශීලකයින්ට ව්‍යායාම හා ක්‍රීඩා වල යෙදෙන අතරතුර දුරකථනය නොමැති වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබාදේ . එහි 4GB Memory  සමඟින්, ගීත 500 ක් දක්වා ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් පරිශීලකයින්ට දුරකථනය නොමැතිව සංගීතයට සවන්දිය  හැකි අතර ඔවුන්ට ඇමතුම් ලැබීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට  දුරකථනයේ බ්ලූටූත් සම්බන්ධතාවය උපකාරි වේ.

ස්මාර්ට් ඔරලෝසුව Huawei Share පහසුකමද ලබාදෙන අතර එමඟින් පරිශීලකයන්ට සංගීතය සහ ඡායාරූප වැනි දත්ත මාරු කිරීමටද  ඉඩ සලසයි, එවිට ඔරලෝසු මුහුණ ප්‍රියතම ඡායාරූප සමඟ රිසිකරණය කර සංගීතයට සවන් දීමටද ඔවුන්ට හැකි වේ. දුරස්ථ පාලකයක් ලෙසද මෙම ස්මාර්ට් වොච් එක ක්‍රියාකරන අතර දුරකථනය මගින් චායාරුප ගැනීමද මෙමගින් පාලනය කල හැක .Wireless charge කිරීමේ  පහසුකම පවතින මෙම උපාංගය සහ reverse charging පහසුකමද සලසයි. මිනිත්තු පහක රැහැන් රහිත ඉක්මන් Wireless charge කිරීම මගින් පැය 10 ක් භාවිතා කළ හැකි අතර සම්පූර්ණයෙන්ම charge කළ විට එය දින 14 ක් පමණ පවතී.

Huawei Nova 7 SE 5G රු.64,999 /- මිලකට  හා  Huawei Watch GT2 Pro රු 54999 /- සියලුම  Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ. 

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *