• Sat. Apr 20th, 2024

කැන්ටාර් (Kantar) විසින් නීල්සන් (Nielsen) ශ්‍රී ලංකා මාධ්‍ය අධීක්ෂණ සේවාව පවරා ගනී

ByAuthor

Feb 15, 2021

නීල්සන් සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන  ගිය මාධ්‍ය අධීක්ෂණ සේවාවන් (Media Monitoring Services) පවරා ගැනීමට කැන්ටාර් (පෙර LMRB ලෙස හැඳින්වූ)  ආයතනය එකඟ වී තිබේ.

දශක දෙකකට අධික කාලයක්  කැන්ටාර් ආයතනය විසින් ශ්‍රී  ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂක මිනුම්කරණය පවත්වාගෙන යනු ලබයි . මෙම වෙළද දැන්වීම්කරණ අධීක්ෂණ ව්‍යපෘතිය තම සේවා කලඹට එකතුකර ගැනීම තුලින් ශ්‍රී  ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස කැන්ටාර් ආයතනය තම සේවාදායකයන් අතර ලබා ඇති ස්ථානය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

මාධ්‍ය ප්‍රචාරණ වියදම් යනු ඕනෑම වෙළඳ සන්නාමයක අලෙවිකරණ ආයෝජනයට අදාළවන තීරණාත්මක සාධකයකි. මෙම ආයෝජනය සාධනීය  ලෙස භාවිතය මගින් ඉතා සාර්ථක ව්‍යපාරික ප්‍රථිපල කරා ළගා විය හැකිබව වර්තමානයේ  තහවුරු වී  ඇත.  වෙළද සන්නාම අලෙවිකරුවන් විසින් තම මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන්හි සාර්ථකත්වය මෙන්ම  කාර්යක්ෂම පිරිවැය භාවිතය තහවුරු කරනු සදහා, ස්වාධීන පර්යේෂණ ආයතනයන් හි දත්ත විශ්ලේෂණය මගින් තහවරු වූ, ඉතා සංකීර්ණවුත්  සැලසුම්සහගත වූත් මාධ්‍ය සහ කාලය මිලදී ගැනීමේ ක්‍රමවේදයන්  භාවිතා කරනු ලැබේ. අලෙවිකරණ ආයෝජනවල ප්‍රතිලාභ  තක්සේරු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුල මාධ්‍ය ප්‍රචාරක වියදම්වල කාර්යක්ෂම භාවිතය, බොහෝ සමාගම් සහ වෙළද සන්නාම සඳහා වූ ප්‍රධාන කාර්ය සාධන දර්ශකයක් (key performance indicator ) ලෙස වර්තමාන වෙළද ප්‍රජාව පිළිගනු ලබයි .

කැන්ටාර් ආයතනය වෙනුවෙන් අදහස් දක්වමින් කැන්ටාර් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීණී  හිමාලී මදුරසිංහ මහත්මිය මෙසේ අදහස් දැක්වුවාය . “මෙම මාධ්‍ය අධීක්ෂණ සේවාවත් සමගම , අපගේ සේවාදායකයන්ට, ඔවුන්ගේ මාධ්‍ය  සහ සන්නිවේදන සැලසුම් සඳහා පුළුල් වෙළඳපොළ බුද්ධියක් (Marketing intelligence) ලබා ගැනීමට අවස්ථාව උදා වෙනු ඇත. කාර්යක්ෂම අලෙවිකරණ සැලසුම් දක්ෂ ලෙස සකස්කිරීමේදී මෙය සැලකිය යුතු වටිනාකමක් එක්කරණු ඇතැයි අපි විශ්වාස කරමු. කැන්ටාර් විසින් අපගේ සේවාදායකයන්ට, ඔවුන්ගේ ඉලක්කගත ප්‍රේක්ෂකයින්ගේ මාධ්‍ය  භාවිතය පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දෙනවා පමණක් නොව, විවිධ සන්නාමයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාදෙනු  ඇත. කැන්ටාර් සතු ජාත්‍යන්තර  විශේෂඥභාවය ශ්‍රී  ලංකාවේ මාධ්‍ය  අධීක්ෂණ සේවාවන්ට පුළුල් වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ”

කැන්ටාර් ආයතනය යටතේ  මෙම මාධ්‍ය අධීක්ෂණ සේවාවන් ඉදිරියට පවත්වාගෙන යන  බවට සහතික වන අතර, සේවාදායකයින් සඳහා  ඔවුන්ගේ මාධ්‍ය  වියදම්වල  කාර්යක්ෂමතාව පිළිබඳව නිරීක්ෂණයන් අඛණ්ඩව  අප  ලබාදෙනු ඇත.  මෙම සේවාව සඳහා,  ඉතා නවීන  හා උසස්  ස්වයංක්‍රිය වෙළද දැන්වීම් හඳුනාගැනීමේ තාක්ෂණය (Sophisticated and advanced Automatic Spot Recognition technology ) භාවිතා කරන  අතර එමඟින් අවම පුද්ගල  මැදිහත් වීමකින්  සහ  ඉතා උසස්  තත්වපාලන ක්‍රමවේදයන් සමගින්  ඉහළ නිරවද්‍යතාවයක් තහවුරු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

පහත සමස්ථ මාධ්‍ය  අධීක්ෂණ සේවාවන් කැන්ටාර් ආයතනය මගින් මින් ඉදිරියට වෙළද සහ මාධ්‍ය  ආයතන වලට ලබා ගත හැක.

ඇඩ්ඉන්ටෙල් /මීඩියාවොච් (AdIntel / MediaWatch)  –  මෙම සේවාව යටතේ තරඟකාරී  වෙළඳ ප්‍රචාරණ  කටයුතු පිළිබද  තොරතුරු සැපයීම සහ නව ප්‍රචාරණ හා ආයෝජන අවස්ථා පිළිබඳ සේවාදායකයන් හට කඩිනම් දැනුවත් කිරීම (Alerts) සිදු කරනු ලැබේ .

PRඉන්ටෙල්  (PRintel)  –  මුද්‍රිත  / රූපවාහිනී / ගුවන්විදුලි සහ ඩිජිටල් මාධ්‍ය වල මහජන සබඳතා (Public Relations) ලිපි / පුවත් / වැඩසටහන් නිරන්තරයෙන් අනාවරණය කරගැණීම (PR Tracking).

වෙළද දැන්වීම් ප්‍රචාරණය  සහතික කිරීම (Spots Certification)  – වෙළඳ දැන්වීම් ප්‍රචාරණ කාලසටහන මත පදනම්ව වෙළඳ දැන්වීම විකාශනය ස්ථිරකොට තහවුරු කිරීම (Confirmation of airing of the advert )

නව ප්‍රචාරණ දැන්වීම් පිළිබඳ ඇඟවීම  (Ad Alert)  – . මෙම සේවාව මගින් නව ප්‍රචාරණ දැන්වීම් පිළිබඳ සේවාදායකයන් හට විකාශනය වී පැය 48 ක් ඇතුළත දැනුවත් කිරීම (Alerts) සිදු කරනු ලැබේ

මදුරසිංහ මහත්මිය තව දුරටත්  මෙසේ පැවසීය  “මාධ්‍ය පිළිබඳ බුද්ධිමත්භාවය (media inteligence )  හා පිළිගත් මාධ්‍ය  පසු විපරම් ( media  tracking ) සේවාවේ ගෝලීය නායකයා “කැන්ටාර්”  වේ.  ලොව ප්‍රමුඛ වෙළද සන්නාම සමඟ එක් වෙමින්  ව්‍යපාරයන්හි ප්‍රචාරණ  වැඩසටහන්හි ප්‍රථිපල වල  සාර්ථකත්වය සංසන්දනාත්මකව (share  of voice ) අවබෝධ කර ගැනීමට, ඔවුන්ගේ ව්‍යාපාර හැඩගස්වා ගැනීමට, සැලසුම් කාර්යක්ෂම කිරීමට සහ අලෙවිය වේගවත් කිරීමට අපි සහය වන්නෙමු.

ප්‍රමුඛ වෙළද ආයතන, දැන්වීම ආයතන සහ මාධ්‍ය හිමිකරුවන් වඩාත් ඵලදායී සැලසුම් නිර්මාණකරණයට , ප්‍රචාරණ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ වෙළඳ පොළ තරගකාරිත්වය පිළිබද අවබෝධය පිණිස අපගේ දත්ත භාවිතා කරයි. අපගේ පිළිගත් මාධ්‍ය  අධීක්ෂණ සේවාවන්  හරහා, අපගේ ගනුදෙනුකරුවන්හට  ඔවුන්ගේ සන්නාම, සම්ප්‍රදායික ප්‍රචාරණ  මාධ්‍යන් සහ වෙබ් අඩවි (digital media) තුලින් දෘශ්‍යමාන වන ආකාරය පිලිබඳව පැහැදිලි අවබෝදයක්  ලබා ගත හැක. මෙම සේවාවන්,  ව්‍යාපාර වලට වඩාත් අවබෝධාත්මකව පැහැදිළි තීරණ ගැනීමට සහ වඩාත් ඵලදායී ලෙස ව්‍යපාර  සැලසුම්කරණයට බෙහෙවින්  උපකාරී වේ. අපගේ ගෝලීය නිෂ්පාදන රැසක් ශ්‍රී  ලංකාවට ගෙන ඒම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වන අතරම, එය සමස්ථ කර්මාන්තයටම විශාල  වටිනාකමක් එක්කරණු  ඇත”.

කැන්ටාර්  ආයතනය පිලිබදව :  කැන්ටාර්  යනු   දත්ත මත පදනම් වූ  තීක්ෂණ අවබෝධයක් සහිත ලොව ප්‍රමුඛතම උපදේශන සමාගමයි. (Leading evidence-based insights and consulting company). ලොව රටවල් පුරා 90 කට අධික සංඛාවක ගෝලීයව සහ දේශීයව, මිනිසුන් සිතන, මිනිසුන්ට හැඟෙන සහ  ක්‍රියා කරන ආකාරය පිළිබඳ  පූර්ණ අවබෝධයක් අප සතුව ඇත. අපගේ ගැඹුරු විශේෂඥතාවය, අපගේ දත්ත සම්පත සහ වෙළදපොල මිණුම් සමගින්  තාක්ෂණය මුල්‍ය වූ  නවෝත්පාදිත විශ්ලේෂණ ක්‍රමවේදයන්  හරහා  අපේ  ගනුදෙනුකරුවන්හට,  තම ව්‍යාපාර වර්ධනයට,   මානව අවබෝදය සදහා අපි උපකාර වෙමු.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *