• Fri. Apr 26th, 2024

ඩීමෝ මාලදිවයිනේ වෙලානා ජාත්යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්යාපෘතියේ සංචලන විසදුම් සැපයීමට තෝරා ගැනේ

ByAuthor

Aug 22, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ ආයතනය මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ  Elevators, Escalators සහ Moving Walks යන සංචලන විසදුම් ලබා දීම සඳහා තෝරා ගෙන ඇත. ජර්මනියේ සුප්‍රසිද්ධ Elevators සහ Escalators සඳහා වූ සන්නාමයක් වන TK Elevator (පෙර thyssenkrupp) හා එක්ව ඩීමෝ විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඇතුළත් වී ඇත.  වර්ෂ 2018 දී  ඩීමෝ විසින් TK Elevator සමඟ ඇතිකර ගත් හවුල්කාරීත්වයෙන් පසු, ඩීමෝ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා TK Elevator සම්බන්ධයෙන් එකම බලයලත් අලෙවි නියෝජිත සහ සේවා සපයන්නා බවට පත් විය. මෙම සේවා ලබා දීම සඳහා ඩීමෝ සමාගම විසින් මෙම අංශයේ ප්‍රවීණයින් සිය කණ්ඩායම  තුළට ආකර්ෂණය කර ගනිමින් TKE කැම්පස් හි පුහුණුවද ලබාදී තිබේ.  මෙම දක්ෂ සේවා කණ්ඩායම් හට ඕනෑම ආකාරයක නාගරික සංචලන ව්‍යාපෘතියක් සාර්ථක ලෙස නිම කිරීමේ දැනුම හිමිය. 

මෙම නව ව්‍යාපෘතිය හරහා ඩීමෝ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා Elevators 23ක්, Escalators 14ක් සහ Moving Walks 04ක් සපයනු ඇත.  මෙම ව්‍යාපෘතිය වැදගත් වීමට හේතුවන තවත් එක් ප්‍රධාන හේතුවක් වනුයේ මාලදිවයින් රාජ්‍යයේ සංචලනය හා සම්බන්ධ විශාලතම ව්‍යාපෘතියක් බවට මෙය පත්වන නිසාත්, Elevators, Escalators සහ Moving Walks යන විසදුම් ත්‍රිත්වයම  සමන්විත මාලදිවයිනේ සුළු ප්‍රමාණයක් වූ ව්‍යාපෘති අතරින් එකක් වීම හේතුවෙන්ය. 

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසා සිටියි.  “ඩීමෝ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය ක්ෂේත්‍රයේ විශාල මෙහෙවරක් සිදුකරමින් සිටින සමාගමක් වගේම, අපගේ සේවාවන් දැන් ජාත්‍යන්තරය දක්වා රැගෙන ගොස් තියෙනවා.  මෙම වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය අපගේ නවතම අන්තර්ජාතික වෙළඳ පොළ හා සම්බන්ධ සේවා ව්‍යාපෘතිය ලෙස මම හඳුන්වන්න කැමතියි”. 

“මෙම සුවිසල් ව්‍යාපෘතියේ වැඩ කටයුතු සුමටව හා කාර්‍යක්‍ෂමව සිදු කෙරෙන බව සහතික කිරීම සඳහා ඩීමෝ සමාගම මාලදිවයිනේ හි ව්‍යාපෘති කාර්යාලයක් පිහිටුවන අතර ඒ සඳහා මෙරට ඉංජිනේරු වෘත්තිකයන්   ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා. මෙම නව ව්‍යාපෘති කාර්යාලය පිහිටුවීමත් සමඟ ඩීමෝ මාලදිවයිනේ හි ව්‍යාපාර  අවස්ථා වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරනවා.” ඩීමෝ ආයතනයේ අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන්නේ සෞදි අරාබිය මූලස්ථානය කරගත්  බහුජාතික ඉදිකිරීම් සමාගම් සමූහයක් වන Saudi Binladin සමාගමයි. එහි උප කොන්ත්‍රාත්කරු වන්නේ China Harbour Engineering (CHEC) සමාගමයි. ලොව පුරා පිහිටි ගුවන් තොටුපල ව්‍යාපෘති වල සංචලනය හා සම්බන්ධ විසඳුම් සඳහා TK Elevator සමාගමේ වෙළඳපල නායකත්වයත් ගොඩනැගිලි සේවා සම්බන්ධයෙන් ඩීමෝ හි තාක්‍ෂණික ප්‍රවීණතාවයත් මෙම ව්‍යාපෘතිය අත්පත් කර ගැනීමට ඩීමෝ සමාගමට උපකාරී විය.

මාලදිවයිනේ සංචාරකයින් සඳහා වන ප්‍රධාන ප්‍රවේශයක් වන මාලේ නගරයේ පිහිටි  එකම ගුවන් තොටුපල, වෙලානා  ජාත්‍යන්තර ගුවන් තොටුපල වන අතර එය මූල්‍ය හා පරිපාලනමය වශයෙන් කළමනාකරණය කරනු ලබන්නේ Maldives Airports Company Limited (MACL) විසිනි. මෙම නව ජාත්‍යන්තර මගී පර්යන්ත ගොඩනැගිල්ල වාර්ෂිකව මගීන් මිලියන 7.5 ට සේවා සැපයීමට හැකි වන  පරිදි වර්ග මීටර 78,000 කට වැඩි භූමි ප්‍රමාණයකින් සමන්විත වේ.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *