• Thu. Apr 18th, 2024

ඩීමෝ සිය දේශීය ජල ව්‍යාපෘති ව්‍යාපාරය බලගන්වමින් විදේශීය වෙළඳ පොළට යොමු වෙයි

ByAuthor

Jul 8, 2021

රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල ව්‍යාපෘති සඳහාද සිය අවධානය යොමු කර ඇත.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% කට අධික ප්‍රමාණයකට මේ දක්වා නල ජලය සඳහා ප්‍රවේශය ලබා දී ඇති අතර, රජයේ ඉදිරි නල ජලය ලබා දීමේ වැඩපිළිවෙල හරහා ග්‍රාමීය ප්‍රදේශ රැසකට සෙත සැලසේ.  ජල යටිතල පහසුකම් ව්‍යාපෘති ක්ෂේත්‍රයේ ඉහළ අත්දැකීම් සහිත සමාගමක් ලෙස ඩීමෝ මෙම කර්තව්‍ය තුළදී ඕනෑම ආකාරයේ ජල ව්‍යාපෘති සඳහා  පහසුකම්  සැපයීම තුළින් රජයට සහය වීමට අපේක්ෂා කරයි. 

ඩීමෝ ආයතනය මීට දශක කිහිපයකට පෙර ජර්මනියේ KSP Pumps ආයතනයේ දේශීය නියෝජිතයා වශයෙන් නම් කෙරු අතර, වර්තමානයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දීර්ඝ කාලීන සැපයුම්කරුවකු වශයෙන් ජල ව්‍යාපෘති ගණනාවකට දායක වී ඇත. මේ දක්වා ඩීමෝ ආයතනය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය හරහා ජල යටිතල පහසුකම් ව්‍යාපෘති ක්ෂේත්‍රය තුළ ජල සම්ප්‍රේෂණය, ජලය බෙදා හැරීම, ස්වයංක්‍රීයකරණය සහ පවිත්‍රකරණය යන අංශ සඳහා උසස් තාක්ෂණික විසඳුම් ලබා දී ඇත. 

සාමාන්‍යයෙන් ජල ව්‍යාපෘති සඳහා අධික ලෙස බලශක්තිය පරිභෝජනය වෙයි.  ඩීමෝ සිය ඉංජිනේරු දැනුමත්, KSB වැනි ලොව සුපතල සමාගම් සමඟ පවතින හවුල්කාරත්වයත් සමඟින් වඩාත් සුදුසුම බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුත් තාක්ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වා දීම තුළින් ජල ව්‍යාපෘති සඳහා වැය වන පිරිවැය රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇත.  ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන  අඹතලේ Energy Conservation  ව්‍යාපෘතිය මෙයට කදිම නිදසුනක්

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “ජල ව්‍යාපෘති හා සම්බන්ධ අපගේ අත්දැකීම් වර්ධනය වෙත්ම, මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ අනෙකුත් අංශයන්හි සංවර්ධනය උදෙසා අප  කැපවී ක්‍රියා කළා. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් C2 (civil scope සඳහා) සහ ජල ව්‍යාපෘති සඳහා EM-1  (electromechanical) ශ්‍රේණිගත කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ඩීමෝ පිළිගෙන තියෙනවා. මේ හරහා ඩීමෝ, ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට සුදුසුකම්ලත් කොන්ත්‍රාත්කරුවෙකු බවට පත්ව ඇත.

කීර්තිමත් සහ විශ්වාසදායක හවුල්කරුවකු ලෙස අපගේ ස්ථාවරය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඩීමෝ විසින් ශ්‍රී ලංකාවේ ජල ව්‍යාපෘති සඳහා CS1 ශ්‍රේණියේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස CIDA පිළිගැනීම ලබා ගැනීමටත් අරමුණු කර ගනිමින් සිටිනවා. මෙහි  දිගුකාලීන අරමුණ වෙන්නේ වර්ෂ 2024 වන විට, ජල ව්‍යාපෘති සඳහා පිළිගත් Engineering Procurement and Construction (EPC) කොන්ත්‍රාත්කරුවෙකු වීමයි.”

Water Supply and Sanitation Improved ව්‍යාපෘතිය (WASSIP) හරහා ඔරුබැඳීවැව, ගලිගමුව, කිලිනොච්චිය, නිකවැව, බුලත්කොහුපිටිය, හන්ගිලි ඇල්ල සහ මස්කෙලිය යන ප්‍රදේශවල  ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය ජල සැපයුම් යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කිරීමට ඩීමෝ සිය අඛණ්ඩ දායකත්වය ලබාදී ඇත.  ව්‍යාපෘති අවසන් කර ප්‍රජාව වෙත බාරදීමට පමණක් සිය කාර්යය සීමා නොකර, ඒවායේ ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කරමින් අවශ්‍ය නඩත්තු කටයුතු ද සිදු කරමින්, ග්‍රාමීය ප්‍රජාවට අවශ්‍ය සේවාව සැපයීමටද ඩීමෝ ක්‍රියා කරයි. 

ශ්‍රී ලංකාවේ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සපුරාලිය යුතු නිර්ණායක කිහිපයක් තිබේ. සුදුසුකම් සහ ප්‍රමිතීන් සපුරාලීම, නිසි මානව සම්පත් හැකියාවන් තිබීම, අවශ්‍ය සැපයුම්කරුවන් වෙත ප්‍රවේශ වීම, විශ්වාසදායක සැපයුම් දාමයක් සහ තාක්ෂණිකමය වශයෙන් පවතින ප්‍රවීණතාවයන් ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී.  මෙම සියලුම අංශයන්හි ඉහළ             විශේෂඥතාවයක්  සහිත ඩීමෝ ශ්‍රී ලංකාව තුළ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විශිෂ්ට සුදුසුකම් ලත් ආයතනයක් බවට පත්ව ඇත. 

ඩීමෝ දැනටමත් මියන්මාරයේ සහ මාලදිවයිනේ ජල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර, එම රටවල මෙම මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා ඩීමෝ ක්‍රියාකරමින් සිටියි. මෙම ජාත්‍යන්තර ව්‍යාපෘති කාර්යක්ෂම අයුරින්  ක්‍රියාත්මක කිරීම  සඳහා අවශ්‍ය නිවැරදි මානව සම්පත් ඇතුලු අනෙකුත් සාධක සංවර්ධනය කිරීම කෙරෙහි ඩීමෝ ඉහළ  අවධානයක් යොමු කරමින් ක්‍රියා කරයි.   

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *