• Thu. Apr 18th, 2024

නවතම ASUS 11 Gen, VivoBook S15 ලැප්ටොප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

ByAuthor

Dec 7, 2020

ASUS සමාගමේ 11th Gen නවතම VivoBook S15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. තරුණ පරම්පරාවේ පරිශීලකයන්ගේ අවශ්‍යතා පිළීබද වඩා හොද අවබෝධයකින් යුතුව සියලුම දෙනාගේ විවිධ අවශ්‍යතාවයන්ට සරිලන අකාරයෙන් නිර්මාණය කර ඇති මෙම VivoBook S15 ආකර්ශනීය පෙනුමකින් සහ සැහැල්ලු බවින් ඉතා ඉහළය. එලෙසම එහි පෙනුම මෙන්ම ක්‍රියාකාරිත්වය ද අසමසම මට්ටමකට ගෙන එමින්  11th Gen Intel processors සහ NVidia GeForce MX350 graphics සමඟ මනා සමබරතාවයක් ගොඩ නගා ඇත.

අද්විතීය ASUS VivoBook ලැප්ටොප් මාලාව 11th Generation Intel® Core™ processors සහ NVIDIA GeForce MX350 graphics කාඩ් මගින් බල ගැන්වේ. එසේම එහි අන්තර්ගතව ඇති ASUS Intelligent Performance Technology (AIPT) මගින් ලැප්ටොප් පරිගණකයේ ක්‍රියාකාරිත්වය 40% ක් ඉහළ නැංවේ. VivoBook ලැප්ටොප් පරිගණක මාලාවෙහි අති ප්‍රභල විශේෂාංග රාශියක් ඇතුළත් වන අතර එහිදී 16 GB දක්වා RAM එක ඉහළ නැංවීමේ හැකියාව ඇත. තවද සුවිසල් ධාරිතාවයකින් හා අධිවේගී ප්‍රභලත්වයකින් යුතු  PCIe® SSD සමඟ  Intel Optane™ Memory H10 මෙහි ඇතුළත්ය.

VivoBook S15 හී Intel බලගැන්විමෙන් ක්‍රියාත්මක වන Wi-Fi 6 (802.11ax) මගින් මින් ඉහත Wi-Fi 5 (802.11ac) මගින් ලබා දුන් වේගය මෙන් තුන් ගුණයක අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙයි. මෙහිදී network capacity හතර ගුණයකින් ඉහළ නංවන අතර ප්‍රමාද වීමේ හැකියාව 75%ත් වඩා අවම කරමින් 4K UHD video හුවමාරු කාලය 70%ක් දක්වා වර්ධනය කරයි.

VivoBook S15 මෘදු පෙනුමකින් යුත් ඊටම අනන්‍ය හැඩයකින් නිර්මාණය කර ඇත. අඟල් 15 ක් පමණ වන ලැප්ටොප් පරිගණකයට diamond-cut මගින් තවත් සුවිශේෂී හැඩකාර බවක් එක් කර ඇති අතර එහි පිටත සැකැස්ම ලෝහමය වැස්මක් සහිතව නිර්මාණය කර ඇත.  පරිශීලකයාගේ පෞරුෂත්වය මනාව පිළිබිඹු කිරීම සඳහා VivoBook S15 වර්ණ කිහිපයකින් ඔබ වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී Resolute Red, Gaia Green, Dreamy White සහ Indie Black යන වර්ණයන්ගෙන් ඔබට VivoBook S15 තොර ගැනීමට හැකිය.

VivoBook S15 විවෘත කල විගස ඔබ අමන්දානන්දයට පත් කරන විශේෂාංග රාශියක් දැක ගත හැකිය. එහිදී කහ පැහැති “color-blocking”  Enter key එක ඔබට දැක ගත හැකි වනු ඇත. මෙම VivoBook S15 මාලාවේ අද්විතීය ඊටම අනන්‍ය හැඩරුව මෙන්ම එකිනෙකට වෙනස් VivoBook වර්ණයන්ට අනුව විවිධ ප්‍රකාශන ඇතුළත් ස්ටිකර් ද ඇතුළත් වේ. මේ හරහා තරුණ පරිශීලකයින්ට ඔවුන්ගේ VivoBook තවදුරටත් තමාටම අනන්‍ය අකාරයෙන් හැඩ ගන්වා ගැනීමට  ඉඩ සලසයි.

ඉතා සැහැල්ලු සහ සිහින් බවින් යුතු  VivoBook S ශ්‍රේණිය ඉතා සැහැල්ලුවෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි අකාරයෙන් නිර්මාණය කර තිබේ. Thin-bezel NanoEdge displays අතිවිශිෂ්ට නැරඹීමේ අත්දැකීමක් ලබා දෙයි. එබැවින් මේසයක් මත මෙන්ම රැගෙන යන බෑගයක වුවත් එය රැගෙන යාමට අවශ්‍ය වන්නේ ඉතා අඩු ඉඩ ප්‍රමාණයකි. FHD display මගින් පුළුල්ව විහිදුනු කෝණයන් හරහා  විචිත්‍රවත් දර්ශන ලබා දීම සඳහා සුවිශේෂී වර්ණ ප්‍රතිනිෂ්පාදනය කරයි. VivoBook S15  උපරිම තිර අවකාශය ලබා දෙන බැවින් තිරයේ windows දෙකක් හෝ වැඩි ගණනක් සහිතව බහු කාර්යයන් කිරීමට නැඹුරු වන අයට VivoBook S15 යනු වඩාත් ප්‍රායෝගික තොරා ගැනීමකි.

ASUS VivoBook S මාදිලියේ  ලැප්ටොප් පරිගණක වලට MyASUS මෘදුකාංගයේ නවතම අනුවාදය ඇතුළත් වන අතර එමඟින් mobile devices සමඟ බාධාවකින් තොරව සම්බන්ධ වීමට ඉඩ සැලසේ. ඒ අනුව PC සහ mobile devices අතර wireless file පහසුවෙන් සහ වේගවත්ව හුවමාරු කිරීමේ අවස්ථාව හිමිවේ. එසේම ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ලැප්ටොප් පරිගණකයකින් ජංගම උපාංගවල දත්ත හුවමාරු කිරීම සඳහා Remote File Access පහසුකම හිමි වේ. එපමණක් නොව ස්මාර්ට් ෆෝන් හෝ ටැබ්ලටයේ දර්ශන ලැප්ටොප් පරිගණකයේ දර්ශනය කිරීමේ හැකියාව හිමිකර දෙමින් පරිශීලකයන්ට බහුකාර්ය සහාය දක්වන උපාංගයක් ලෙසින්ද සුවිශේෂී වාසි රැසක් අත්කර දෙයි.

ASUS VivoBook S15 ලැප්ටොප් පරිගණක දැන් ශ්‍රී ලංකාවේ දී ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා  www.asus.com/lk වෙත පිවිසෙන්න.

ASUS යනු

ASUS යනු ලොව හොඳම motherboards, PCs, monitors, graphics cards සහ routers නිෂ්පාදනය කරනු ලබන සුප්‍රසිද්ධ බහුජාතික සමාගමකි. පුළුල් පරාසයක පරිගණක ක්‍රීඩා අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ AIoT විසඳුම් සමඟින්, ASUS කර්මාන්තය ඉදිරියට මෙහෙයවනු ලබන්නේ අති නවීන සැලසුම් සහ නව්‍යකරණයන් තුළින් සෑම කෙනෙකුටම වඩාත් පුළුල්, බුද්ධිමත්, හෘදයාංගම හා ප්‍රීතිමත් ස්මාර්ට් ජීවිතයක් නිර්මාණය කිරීමේ අරමුණ සහිතවය. 5,000 කට අධික පර්යේෂණ හා සංවර්ධන වෘත්තිකයන් ඇතුළත් ගෝලීය ශ්‍රම බලකායක ශක්තියද සමඟ  ASUS ලෝකයේ වඩාත්ම ප්‍රශංසනීයම නවෝත්පාදන ප්‍රමුඛකර ගත්  තාක්‍ෂණ ව්‍යවසාය බවට පත්ව ඇත.  In Search of Incredible මගින් ASUS 2019 වසරේ සෑම දිනකම පාහේ සම්මාන 11 කට වඩා දිනා ඇති අතර Forbes සහ Fortune සඟරා මගින් ලොව ගෞරවනීයම සමාගම් වලින් එකක් ලෙසත් ASUS සමාගම නම් කර තිබේ

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *