• Fri. Apr 19th, 2024

පුළුල් HD screen එක සමඟ එන Huawei MatePad T10s

ByAuthor

Jan 22, 2021

තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංගය ලෙස ටැබ්ලට් එකක් ශ්‍රී ලාංකීය වෙළද පොලට හදුන්වාදී ඇත. මෙම උපාංග හදුන්වාදීමත් සමඟම ඉහළ ඉල්ලුමක් සහ පරිශීලක ප්‍රසාදයක් හිමිවී ඇති අතර එයට මුලික හේතුව වන්නේ මෙහි විශාල තිරය සහ භාවිත කර ඇති ඉහළ තාක්ෂණික සැකසුමයි.තවද මෙම උපාංගය අක්ෂි ආරක්ෂණ ක්‍රමවේදය යනාදී පරිශීලක-හිතකාමී අංගයන්ගෙන් නිර්මාණය කර ඇති අතර, Harman Kardon සමඟ එක්ව  සකස් කරන ලද ද්විත්ව ස්පීකර් පද්ධතියකින් ද සමන්විත වේ.

MatePad 10s හි ප්‍රධාන ආකර්ෂණයක් වන්නේ අඟල් 10.1  පූර්ණ HD සංදර්ශකය වන අතර විශාල දර්ශන ලබා දීම සඳහා 1920 x1200 තරම් ඉහළ resolution එකක් ඇත. Huawei ClariVu තාක්‍ෂණයෙන් පරිණත MatePad 10s පැහැදිලි හා විචිත්‍රවත් රූප ලබා දීමට සමත් වේ . සිහින් bezels නිමැවුම  මෙය ඉතා අලංකාර  අති නවීන උපාංගයක් බවට පත් කරයි . වර්තමාන තාක්ෂණික පාරිභෝගිකයින් මෙම ටැබ්ලට් එක වෙත ආකර්ෂණය වීමට මෙයද එක හේතුවක් වී ඇත.

Huawei MatePad T10s පරිශීලකයින්ට ඉහළ විනෝදාස්වාදයක් ලබාදෙන අතර  ද්විත්ව ස්පීකර් පද්ධතිය නිසා අතිවිශිෂ්ට ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දෙයි. Harman Kardon තාක්‍ෂණය මගින් සුසර කර ඇති ද්විත්ව speaker එක ඔබ සංගීතයට සවන් දෙන විට හෝ ඔබේ ප්‍රියතම චිත්‍රපට නරඹන අවස්ථාවන්හි ඉහළ තත්වයකින් යුතුව පුර්ණ වින්දනීය අත්දැකීමක් ලබාදේ.

Huawei MatePad T10s පරිශීලකයින්ට ඉහළ විනෝදාස්වාදයක් ලබාදෙන අතර  ද්විත්ව ස්පීකර් පද්ධතිය නිසා අතිවිශිෂ්ට ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දෙයි. Harman Kardon තාක්‍ෂණය මගින් සුසර කර ඇති ද්විත්ව speaker එක ඔබ සංගීතයට සවන් දෙන විට හෝ ඔබේ ප්‍රියතම චිත්‍රපට නරඹන අවස්ථාවන්හි ඉහළ තත්වයකින් යුතුව පුර්ණ වින්දනීය අත්දැකීමක් ලබාදේ.

චිත්‍රපටි නැරඹීම, අන්තර්ජාලයේ සැරිසැරීම සහ E-Books කියවීම සඳහා පරිපූර්ණ සහයකයකු  වීමට අවශ්‍ය සෑම සුදුසුකමක්ම Huawei MatePad T10s සපුරයි. අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට සහ වැඩි වෙලාවක් අන්තර්ජාලය භාවිතා කරන්නන්ට වඩාත් සුදුසු වන ලෙස  TÜV Rheinland මගින් සහතික කරන ලද අක්ෂි ආරක්ෂණ (Eye protection ) තාක්‍ෂණයකින් බලගැන්වී ඇත. Huawei MatePad T10s  ඉහළ වෙලාවක්  භාවිතාකලද ඇසට කිසිදු අපහසුතාවයකින්   ඇති නොවන අතර ඉහළ මට්ටමේ අක්ෂි සුවපහසුවක් (Eye Comfort ) ලබාදේ . මෙමගින් බාධාවකින් තොරව රැකියා කටයුතු සහ චිත්‍රපට නරබිමේ හැකියාවද හිමිවේ. MatePad T10s ආවේණික  E-Book mode සමඟ එන බැවින් පරිශීලකයින්ගේ අන්තර්ජාලීය කියවීමේ අත්දැකීම වඩාත් ප්‍රියජනක කරවයි. විශේෂයෙන්ම නිවසේ සිට අධ්‍යාපනික කටයුතු කරනු ලබන ළමුන්ටද විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ද  පැය ගණනාවක් වුවත් පහසුවෙන් තිරය දෙස බලා සිටීමේ හැකියාව හිමිකර දේ.

Huawei Kirin 710A Chip සෙට් එකකින් බලගැන්වෙන Huawei MatePad T10s  , EMUI 10.1 බලගැන්වෙන අතර වැඩි දියුණු කරන ලද Graphics  සහ එදිනෙදා කාර්යයන් ඉහළ කාර්ය සාධනයක් යටතේ කිරීමේ හැකියාව ලබා දෙයි. 3GB RAM සහ 64GB  storage එකක් සහිත වන Huawei MatePad T10s ඉහළ දත්ත ගබඩා කිරීමේ හැකියාවක් ලබාදේ .තවදුරටත් වැඩි කල හැකි ලෙස  අතිරේක SD කාඩ්පතක් භාවිතා කිරීමේ හැකියාවද හිමිවන අතර මෙමගින් ඕනෑම ප්‍රමාණයක ලිපිගොනු සහ දත්ත ගබඩා කිරීමට ඔබට හැකියාව ලැබේ .

Huawei MatePad T10s ඉතා ප්‍රයෝජනවත් පසුපස සහ ඉදිරිපස කැමරාවලින් සමන්විත අතර ක්ෂණික ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. F2.2  aperture සහිත 5MP පසුපස කැමරාව සහ f2.4  aperture සහිත 2MP ඉදිරිපස කැමරාව කුමන තත්වයක් යටතේ වුවද පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හිමිකරදේ.. Huawei MatePad T10s හි 5100mAh දැවැන්ත බැටරියකින් සමන්විත අතර දවස පුරා අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් පවත්වා ගත හැකිය.

Huawei MatePad T10s රු .46,999 .00 මිළකට  සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ. 

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *