• Sun. Dec 10th, 2023

මොරටුවෙන් කටුගස්තොට ට හා පුස්සැල්ලාවට අලුත් අවුරුදු තෑගි

ByAuthor

Jan 25, 2021

මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ලබාදීමට ද අවශ්‍ය පියවර ගෙන ඇත. ලියෝ සමාජයේ දරු දැරියන් විසින්ම පසු ගිය දා ඉහත පාසල් වලට මෙම ලිපිද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ලබාදී තිබේ. මෙම මාහැඟි කටයුත්තට නන් අයුරින් උපකාර කළ සියලුම දෙනාට මොරටුව ලියෝ සමාජයේ ස්තූතිය පුද කෙරිණි..  

Leave a Reply

Your email address will not be published.