• Thu. Apr 25th, 2024

HNB FINANCE ෆිච් ණය ශ්‍රේණියේ ‘AA-(lka)’දක්වා ඉහළට

ByAuthor

Jun 26, 2020

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE ජාතික දිගුකාලීන ෆිච් ණය ශ්‍රේණිගතකරණයේ ඉදිරියට පැමිණෙමින් ‘AA-(lka)’ණය ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. පොදුවේ මෙවන් අභියෝගාත්මක පසුබිමක් සහිත කාල පරිච්ෙඡ්දයක් තුළ HNB FINANCE සමාගමට zAA-(lks)’ ණය ශ්‍රේණිය හිමිකර ගැනීමට හැකිවීම සුවිශේෂී කරුණක් වන අතරම, සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබිඹු කරන ප‍්‍රබලතම සාධකයක් බව නිසැකවම පැවසිය හැක.

ෆිච් ශ‍්‍රී ලංකා ආයතනය විසින් සිදු කළ ණය ශ්‍රේ්ණි ප‍්‍රතික‍්‍රමාංකන ක‍්‍රියාවලියේදී මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණියේ යෝග්‍යතාව පහළට ගෙන ආ නමුත් HNB FINANCE හි මූල්‍ය ස්ථාවරත්වය මත ණය ශ්‍රේණිය ඉහළට නංවා ගැනීමට මෙම සමාගමට හැකි විය.

‘‘ජාතික ණය ශ්‍රේණිගතකරණයේ ඉදිරියට යෑම මගින් මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පසුගිය 19 වසර තුළ අප විසින් ප‍්‍රකට කර ඇති මූල්‍ය සේවා ශක්‍යතාව ශක්තිමත්ව තහවුරු කෙරෙන අතර කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමග අකර්මන්‍ය වූ ශ‍්‍රී ලාංකීය ආර්ථිකය යළිත් යහපත් තත්වයට පත් කිරීම සඳහා දිවයින සිව් කොණ විසිර සිටින ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවිත ගොඩනැංවීම උදෙසා මූල්‍ය සමාගමක් ලෙසට ලබා දිය හැකි උපරිම දායකත්වය නොපසුබටව ලබා දීමට අපි කැපවී සිටිනවා’’යනුවෙන් HNB FINANCE හි කළමණාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසීය.

‘‘ජාතික ණය ශ්‍රේණිගතකරණයේ ඉදිරියට යෑම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත වීම සහ එයින් ලැබූ ආයෝජක විශ්වාසය ද ප‍්‍රබල සාධකයක් වුණා. වසර දෙකකට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළේ පැවති මූලික කොටස් නිකුතුව HNB FINANCE විසින් සිදු කළ අතර එහිදී පෙබරවාරි මස ආරම්භක දිනයේදීම මෙම මූලික කොටස් නිකුතුව 32% කින් අධිදායකත්වයකට පත් වීම තුළ සමාගම කෙරෙහි පවතින ආයෝජක විශ්වාසය මැනවින් පිළිබිඹු වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

HNB FINANCE සිය ව්‍යාපාරික මෙහෙයුම් වඩාත් විධිමත් හා ලාභදායී මාර්ගයකට ගෙන යෑමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව සිදු වූ අතර මෙහිදී සේවා විධික‍්‍රමයන්හි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම ද සිදු කෙරිණ. මේ ක‍්‍රියාවලිය තුළ නව මූල්‍ය සේවා කිහිපයක් හඳුන්වාදීමට HNB FINANCE සමත් වූ අතර මෙම සේවාවන්හි ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහාත් තාක්ෂණික නවෝත්පාදනයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහාත් උපායමාර්ගික ආයෝජන සහ ප‍්‍රතිසන්නාමකරණ වැඩපිළිවෙළ ද ක‍්‍රියාවට නැංවින.

වර්තමානය වන විට මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විශ්වසනීය සහ ගෞරවනීය නාමයක් සමග සැලකිය යුතු වෙළෙඳපොළ කොටසක් හිමි කර ගැනීමට HNB FINANCE සමාගම සමත් වී  ඇති අතර එහි මූල්‍ය  සහ ව්‍යාපාරික ස්ථාවරත්වය මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛත්වය ගැනීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇත.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, ස්ථාවර තැන්පතු පහසුකම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, සහ කල්බදු සේවා යන මූල්‍ය  සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය SME ණය ලබා දීම ද සිදුකරනු ලබයි.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *