• Thu. Apr 18th, 2024

Huawei හි පළමු මොනිටරය Huawei Display 23.8” දැන් ශ්‍රී ලංකාවේ

ByAuthor

Jun 30, 2021

Smart life සංකල්පය යටතේ තම නවතම උපාංග නිපදවන Huawei සමාගම මේ වනවිට ඔවුන්ගේ පළමු Monitor  එක ලංකාවට හදුන්වාදීමට නියමිතව තිබේ. උපාංග එකිනෙක සම්බන්ධ කරමින් වඩාත් හොද කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිපරිදි මෙම ස්මාර්ට් උපාංගයන් නිපදවා ඇත .

Huawei Display 23.8 ’’ යනු  ආකර්ෂණීය පෙනුමක් සහිත මනා නිමාවකින් යුත් Monitor එකක් වන අතර full view display එක නිසා එය චිත්‍රපට නැරඹීමට සහ පරිඝනක ක්‍රීඩා කිරීමට වඩාත් සුදුසු උපාංගයක් බවට පත් වේ . සුපැහැදිලි  නැරඹීමේ අත්දැකීමක් ලබා දෙමින්, Huawei Display 23.8 ’’ මි.මී. 5.7 ට  bezels අගයකින් යුතු අතර  90% screen to body ratio එකකින් යුක්තවේ. අංශක 178 ක viewing angle එකකින්   Huawei Display 23.8 සමන්විත නිසා කොතන සිට නැරඹුවද ඉතා පරිපුර්ණ දර්ශන තලයක අත්දැකීමක් ලබා ගැනීමට නරඹන්නන්ට හැකිවේ. තවද මේ හේතුවෙන් චිත්‍රපට නැරඹීමේදී හෝ ක්‍රීඩා කරන විට ඇසට ඇතිවන අමතර පීඩනය (minimizing eyestrain) අවම කෙරේ.

1920x1080FHD resolution එකකින් සහ  1080p  full view display එකකින් සමන්විත Huawei Display 23.8 ’’ , 60Hz refresh rate එකකින්ද , 250nits brightness එකකින්ද යුතු අතර වර්ණ මිලියන 16.7 ක් විචිත්‍රවත් රූප රාමු ලබාදීමේ හැකියාව පවතී. රූපවල විචිත්‍රත්වය වැඩිකරන 72%  NTSC color gamut සහ 1000: 1  contrast ratio එකකින් Huawei Display 23.8 ’’ සමන්විත වේ. TÜV Rheinland තාක්ෂණය භාවිතයෙන් ඇසට හානිකර නිල් ආලෝකය අඩු කරන අතර flickers ඉවත් කරයි . මේ නිසා  පරිශීලකයාට කිසිදු අපහසුතාවයකින් තොරව වැඩි කාලයක් monitor තිරය දෙස බලාසිටීමේ හැකියාව හිමිවේ. Huawei Display 23.8 ’’එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා පමණක් නොව වීඩියෝ සංස්කරණය, ග්‍රැෆික් නිර්මාණය සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහාද මනා යෝග්‍ය වේ.

Huawei Display 23.8 ’හි  පරිශීලකයාගේ සිතැගි පරිදි  බිත්තියක් මත එල්ලා හෝ මේසයක් මත තබා භාවිතා කල හැකි  අතර දර්ශනයෙන් පරිපූර්ණ අත්දැකීමක් ලබා ගැනීම සඳහා, පරිශීලකයාට ඔහුගේ / ඇයගේ අභිමතය පරිදි මොනිටරය ඇල(tilt) කල  හැකි අතර දුර සිට චිත්‍රපටයක් නරඹන විට සැපපහසු ඉරියව්වකින් සිට නිදහසේ නැරබිමේ හැකියාව මෙමගින් හිමිවේ. Huawei Display 23.8 ”VGA, HDMI සහ DC , input ports සහිතව පැමිණෙන නිසා පහසුවෙන් මොනිටරය වෙනත් උපාංග සමඟ සම්බන්ධ කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමිවේ . Huawei Huawei Display 23.8 මිලදී ගන්නා සෑම විටම වටිනා speaker එකක් ලබාගැනීමේ හැකියාව විශේෂ දීමනාවක් ලෙස පරිශීලකයාට හිමිවේ .

Huawei Display 23.8 ’’ මොනිටරය රු. 42,999 /- මිළකට වසර තුනක වගකීමක් සහිතව හිමිවන අතර , සියලුම Huawei Experience Centers ,දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Huawei ExpDaraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *