• Fri. Apr 19th, 2024

IT Gallery විසින් අති නවීන Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේ දී විවෘත කරයි

ByAuthor

Apr 5, 2021

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය,අංගසම්පූර්ණ Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේදී විවෘත කරන ලදී.

දකුණු ආසියාවේ පළමු සහ විශාලතම Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් වන මෙය වැඩි ඉඩ-කඩ සහිතව,ඉතා පහසුවෙන් ප්‍රවේශ  විය හැකි ජා-ඇල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර නිෂ්පාදන ගවේෂණය, නිෂ්පාදන මිලදී ගැනීම, නිර්දේශයන් සහ විශේෂඥ උපදෙස් ද සපයමින් ගනුදෙනුකරුවන්ගේ සියලු අවශ්‍යතා  සපුරා ලීමට සමත් වේ.

එමෙන්ම එම නව Hikvision අත්දැකීම් මධ්‍යස්ථානය මගින් ස්මාර්ට් සිටි (Smart City) විසඳුම්, ගොඩනැගිලි (Building) විසඳුම්, රිටේල් (Retail) විසඳුම්, බැංකු (Bank) විසඳුම්, ස්මාර්ට් නිවාස (Smart Home) විසඳුම්, දත්ත ගබඩා (Storage) විසඳුම්, ජංගම (Mobile) විසඳුම් සහ ඊට අදාළ ගනුදෙනුකරුවන් සඳහා AI විසඳුම් ද, සීමාවන් ඉක්මවා යන අද්විතීය හා සමකාලීන අත්දැකීමක් ලබා දෙනු ඇත.

මෙම අවස්ථාව  පිළිබඳව අදහස් දක්වමින් IT Gallery හි ප්‍රධාන  විධායක නිලධාරි  ඩිලන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය. “මෙම නව ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයින්ගේ අත්දැකීම් නැවත අර්ථකථනය කරන අතරම Hikvision කණ්ඩායම සමඟ  සම්බන්ධ වී ක්‍රියා කිරීමට  මෙන්ම  දැනුම හා මග පෙන්වීම ලබා ගැනීමට ඔවුන්ට  ඉඩක් ලබා දෙයි. බහුමාධ්‍ය ප්‍රදර්ශන මාලාවක් සහ  Hikvision නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරෙන මෙම නව ප්‍රදර්ශනාගාරය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා කැප වී සිටියි.”

ගනුදෙනුකරුවන් සමඟ දීර්ඝකාලීන සබඳතා ගොඩනඟා ගනිමින් පරිපූර්ණ අත්දැකීමක් ලබා දීම සඳහා හොඳින් පුහුණු හා පළපුරුදු කණ්ඩායමකින් IT Gallery ආයතනය සමන්විත වේ. Hikvision අත්දැකීම් මධ්‍යස්ථානය මගින් Hikvision නිෂ්පාදන පිළිබඳ පුහුණු සැසි පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කර ඇති අතර එමගින් තරුණ පරම්පරාවට නවීන තාක්‍ෂණයන් හා එම කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.

Hikvision අත්දැකීම් මධ්‍යස්ථානය වෙත පිවිසීමට කැමති ඕනෑම ගනුදෙනුකරුවකුට පූර්ව වෙන්කරවා ගැනීමක් සඳහා ආයතනික ව්‍යාපාර – IT Gallery ප්‍රධානී නුවන් පෙරේරා මහතා සමග සම්බන්ධ විය හැකිය. [email protected] හෝ 077 3149957.

IT Gallery යනු ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන හා සේවාවන්හි ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් බෙදාහරින ප්‍රමුඛයා වන අතර Hikvision විසඳුම් සඳහා බලයලත් බෙදාහරින්නා වේ. EAST UPS සහ බල නිෂ්පාදන, Pantum මුද්‍රණ නිෂ්පාදන, Lenovo වාණිජ නිෂ්පාදන, A4 Tech පරිගණක උපාංග, G&G මුද්‍රණ උපාංග සහ OCEAN බහුමාධ්‍ය නිෂ්පාදන බෙදාහැරීමේ අයිතිය IT Gallery සතුව ඇත.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *