• Thu. Apr 18th, 2024

realme C11 2021 ශ්රී ලංකාවේ දියත් කරයි

ByAuthor

Jun 9, 2021

පාරිභෝගිකයින් මඟ බලමින් සිටි realme GT 5G නුදුරේදීම වෙළඳ පොළට

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme, දේශීය පාරිභෝගිකයින්ට අද්විතීය විශේෂාංග රැසකින් යුත් ස්මාර්ට් දුරකතන අත්දැකීමක් සහනදායි මිලකට ලබා දෙමින්, C11 2021 දේශීය වෙළඳ පොළට හඳුන්වා දී ඇත.  මෙලෙස රුපියල් 19, 999 ක පහසු මුදලකට හඳුන්වා දුන් realme C11 2021, දේශීය පාරිභෝගිකයින් වඩාත්ම ප්‍රිය කරන 5000mAh දිගුකාලීන බැට්‍රියකින්,  OTG reverse චාර්ජින් පහසුකමෙන් සහ අඟල් 6.5ක ස්ක්‍රීන් එකකින් සමන්විත වන අතර,  Android 11 මඟින් බලගන්වා ඇත. 

“Sheer Speed Flagship” තේමාව යටතේ වෙළඳ පොළට නිකුත් වන realme GT, ලොව පුරා තරුණ තරුණියන් රැසකගේ ආකර්ෂණය දිනා ගනු නොඅනුමානයි.  මනරම් නිමාවක් සමඟින් අද්විතීය තාක්ෂණය මුසු කරමින් නිෂ්පාදනය කර ඇති realme GT 5G හි, ගෝලීය නිෂ්පාදන එළි දැක්වීමේ උළෙල ජුනි 15 වන දිනට සංවිධානය කර ඇති අතර,  එහිදී realme විසින් තවත් AIoT තාක්ෂණික උපාංග රැසක්ද වෙළඳ පොළට හඳුන්වා දෙනු ඇත. 

පසුගියදා අවසන් වූ realme 5G සමුළුව තුළ,  සමාගම පවසා සිටියේ ඉදිරි වසර තුන තුළ ඔවුන් මිලියන 100කට අධික පාරිභෝගික පදනමක් හට 5G ස්මාර්ට් දුරකථන සඳහා ප්‍රවේශය ලබා දීමට කැපවී සිටින බවයි.  තවද,  පසුගිය වර්ෂයේ realme විසින් වෙළඳ පොළ 21ක් පුරාවට 5G උපාංග 14ක්  හඳුන්වා දීමට සමත් විය. 2022 වර්ෂය වන විට,  ඔවුන්ගේ 5G නිෂ්පාදන ප්‍රමාණය 20ක් දක්වා ඉහළ නැංවීමටද realme බලාපොරොත්තුවෙන් පසුවේ.  තවද තාක්ෂණික ක්ෂේත්‍රයේ විශිෂ්ඨ පෙරළියක් සිදු කරමින්,  ඇමරිකානු ඩොලර් 100ක මුදලකට 5G ස්මාර්ට් දුරකතනයක් දියත් කිරීමට realme සූදානම් වී සිටියි. මේ හා සමගාමීව ඉදිරියේදී 5G තාක්ෂණික ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදු කරමින්,  තාරුණ්‍ය වෙත විශේෂාංග රැසකින් යුත් තාක්ෂණික උපාංග රැසක් ඉදිරිපත් කිරීමට realme බලාපොරොත්තුවෙන් පසුවේ. 

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *