• Thu. Apr 25th, 2024

Umara Music Studio ඉදිරිපත් කල One Mic ප්‍රසංගයෙන් සුපිරි දක්ෂයින් 40ක් කරළියට

ByAuthor

Mar 17, 2021

ජාත්‍යන්තර සංගීත කේෂේත්‍රයේ ශ්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්‍රී ලංකික සංගීත ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දුන් ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරලමින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් එළි දැක්වූ One Mic ප්‍රසංගය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

 කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශයේ පැවැත්වූ මෙම ප්‍රසංගය උමාරා සිංහවංශ ගේ Umara Music Studio විසින් සංවිධානය කර තිබූ අතර භාතිය සන්තුෂ්, ලා සිංඤ්ඤෝ (ලහිරු පෙරේරා), රිද්ම වීරවර්ධන සහ සිගින් පෝටටෝස්‌ හා විරේෂ්  ඇතුළු තාරුණ්‍යයේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වෙමින් ගී ගැයුහ. තරුණ්‍යයේ අතිශය ආදරය දිනාගත් සංගීත කණ්ඩායමක් වන ඉන්ෆිනිටි ප්‍රසංගය සඳහා සංගීතයෙන් දායක විය.

අනාගත ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට ජාත්‍යන්තර තලයේ තරුණ දක්ෂතාවලින් පිරි පරපුරක් බිහි කිරීමේ අරමුණින් යුතුව One Mic ප්‍රසංගය Umara Music Studioහි සංගීතය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන් එළි දැක්වීමට අවකාශය නිර්මාණය කර දෙමින් සංවිධානය කර තිබුණි. ඒ අනුව Umara Music Studioහි සංගීතය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යවන් 40කට අධික පිරිසක් One Mic ප්‍රසංගය තුල සිය දක්ෂතාවයන් ඉදිරිපත් කරමින් ප්‍රසංගය වර්ණවත් කළේය. ඒ හිදී උමාරා සහ උමාරියා සිංහවංශ ගයන “කස්තුරි සුවඳකි ” ගීතය සඳහා UMS නව මියුසික් වීඩියෝවක් ද එළිදැක්විණි. මෙම සුවිශේෂී ප්‍රසංගය සඳහා NDB බැංකුව, Edinborough සමාගම, keells ආයතනය, Cinnamon Lakeside Colombo ලංකාවේ ජනප්‍රිය වෙළඳ සන්නාම ලෙස  අනුග්‍රාහකත්වය ලබා දුන් අතර මහජන සම්බන්ධතා සහකරු වශයෙන් CPR මහජන සම්බන්ධතා උපදේශන සමාගම කටයුතු කළේය.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *