• Thu. Apr 18th, 2024

vivo V20 ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Front Camera විශේෂාංග සමගින් එළි දකී.

ByAuthor

Oct 16, 2020

ලොව ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන  vivo සිය  V-series මාදිලිය වෙනුවෙන් නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් එක් කරමින්  vivo V20 අද ශ්‍රී ලංකාවේදී එළිදක්වනු ලැබීය. ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථනවල ප්‍රමිතින්ගේ විප්ලවීය වෙනසක් ඇති කරමින් vivo V20 හී professional-grade 44MP Eye Autofocus cameraවක් අන්තර් ගත කර ඇත. එමගින් ඉහළම Autofocus (AF) හැකියාවක් සහිතව උසස්  තත්ත්වයේ සෙල්ෆි අත්දැකීමක් ලබා දේ.

තරුණ පරිශීලකයින්ගේ දිනෙන් දින දියුණුවන නවීන ජීවන රටාවන්ට සරිලන පරිදි  7.38mm Ultra Sleek AG Glass එකකින් සමන්විත නවීනතම V20 ස්මාර්ට් ජංගම දුරකථනය සිහින් සහ සැහැල්ලු බරකින් යුක්තය. එසේම V20,  64MP extraordinary rear cameraක් සහ Super Night Mode විශේෂාංගය සමඟින් ප්‍රභල zooming හැකියාවක් සහිතව නිර්මාණය කර ඇති අතර එමගින් ඉතා සුපැහැදිලි රූප ලබා දෙයි. 33W ක FlashCharge හැකියාවකින් යුතු V 20ය අඛණ්ඩව දවස පුරා පරිශීලක අවශ්‍යතා සපුරාලීමට සමත්ය.

 vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන් මහතා මෙම නවතම V20 එළිදැක්වීම පිළිබඳව මෙසේ අදහස් පල කළේය. “ගනුදෙනුකරුවන්ගේ වෙනස් වීම සහ කැමැත්ත පිළිබඳව අවධානය යොමුකරමින් එම අවශ්‍යතා සපුරාලීමට vivo නිරන්තරයෙන්ම කටයුතු කරනවා. පරිශීලකයන්ගේ සෙල්ෆි  සඳහා ඇති සුවිශේෂී ආශාව, ඡායාරූපකරණ ප්‍රවණතා සහ පාරිභෝගික මනසෙහි නිර්මාණාත්මක අවශ්‍යතා අපි තේරුම් ගෙන තිබෙනවා. ඒ අනුව V20 එළි දක්වමින් අනාගත vivo ස්මාර්ට් ජංගම දුරකථන විශේෂාංග නිර්මාණය කිරීමේදී එම අංග සහ සැලසුම් ද ඇතුළත් කිරීමට සුදානමින් සිටිනවා. V20  ස්මාර්ට් ජංගම දුරකතනය මේ සියලු විශේෂාංගයන්ගෙන් සමන්විත අතර වැඩි දියුණු කරන ලද Autofocus camera පහසුකම් සහ ආකර්ශනීය ultra-sleek මෝස්තරයන් අන්තර්ගත කර තිබෙනවා.

V20 හි අති නවීන කැමරා පද්ධතියෙහි ප්‍රබල හා බුද්ධිමත්Autofocus හැකියාවක් ඇති අතර එමඟින් සෙල්ෆි ලෝකයේ නව ප්‍රවණතා නිර්මාණය කෙරෙනු ඇත. සෑම මොහොතක්ම පහසුවෙන් සහ ස්ථාවරත්වයෙන් ග්‍රහණය කරගැනීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම 44MP Eye Autofocus විශේෂාංගය මගින් හැකියාව ලැබේ.

මෙම උපාංගය Super Night Selfie වැනි නවීන කැමරා විශේෂාංග වලින්  පිරී ඇති අතර එය පැහැදිලි වර්ණවලින් යුත් සෙල්ෆි අඳුරු හෝ අඩු ආලෝක තත්ත්වයන් යටතේ පවා උසස්ම අන්දමින් ලබා දේ. Tripod Night Mode මගින් ස්ථායිතාව සහ නිරාවරණය වැඩි කරන අතර Motion Autofocus මගින් චලනය වන වස්තූන් පැහැදිලි ලෙසම ග්‍රහණය කරගනී. ඉදිරිපස සහ පසුපස cameraවන් දෙකෙන්ම පටිගත කිරීමට හැකි Dual-view video විශේෂාංගය මඟින් පරිශීලකයින්ට real-time අත්හදා බැලීමකට අවකාශය සලසයි. මිට අමතරව V20 හි ඇතුළත් Slo-mo Selfie video, Steadiface Selfie Video සහ 4K Selfie Video,  ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශේෂාංග හරහා අද්විතීය අත්දැකීම් රාශියක් හිමිකර දෙයි.

 මෙහි අද්විතීය 64MP Main Rear Camera + 8MP Multi-Function Camera (Super Wide Angle/Bokeh/Super Macro) + 2MP Mono Camera සැකසුම මගින් ප්‍රභල zoom කිරීමකින් පසුව පවා පැහැදිලිව පෙනෙන විචිත්‍රවත්, සංකීර්ණ තොරතුරු ග්‍රහණය කර ගනිමින් අතිශය පැහැදිලි ultra-clear ඡායාරූපකරණ අත්දැකීමක් ලබා දීමට සමත්ය.

තාරුණ්‍යයේ බුද්ධිමත් හා  දිනෙන් දින අලුත්වන නවීන ජිවන රටාවට ගැලපෙනම අන්දමින් ඉතා සිනිඳු හා හැඩකාර වර්ණ සහ සුඛෝපභෝගී පෙනුමක් සහිතව V20  නිර්මාණය කර ඇත. එහිදී 7.38mm ක ultra-sleek design එකකින් සහ 171g බරකින් යුතු මෙම V20 ස්මාර්ට් ජංගම දුරකථනය  6.44-inch AMOLED FHD+ Display එකකින් සමන්විත වේ.

V20 යනු දුරකථනයට සුමට ග්‍රහණයක් ලබා දෙන උසස් තත්වයේ AG Glass Technology සහිත ඉහළ වටිනාකමින් යුතු පෙනුමක් සහිත ස්මාර්ට් ජංගම දුරකතනයකි. එය සිරීම් හා අපිරිසිදුවීම් ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියාකරන අතර layer දෙකකින් සමන්විතව ඇත.  Dual Tone සැකසුම එහි පළමු layer එකෙහි ද camera සැකසුම දෙවන layer එකෙහිද නිර්මාණය කර ඇත.

V20 සොබාදහමේ සුන්දරත්වයෙන් ජීවය ලද නවීන විලාසිතාවන්ගෙන් යුත් සිහින් මෝස්තරයකින් සහ වර්ණවලින් සමන්විතය. එය අදෘශ්‍යමාන ශක්තියකින් පිරී බවක් සහ හිරු බැස යාමේ මිහිරියාවත් වෙරළ තීරයන් සිහිපත් කරන Midnight Jazz සහ Sunset Melody වර්ණවලින් ලබා ගත හැක.

V20 නිර්මාණය කර ඇත්තේ වේගයෙන් වර්ධනයවන පරිශීලක අවශ්‍යතා සපුරාලන පරිගණක මෙවලමක් ලෙසිනි. එය Qualcomm® Snapdragon™ 720G processor එකකින් බල ගැන්වෙන අතර 8GB RAM සහ 128GB ROM සහිත  applications සහ games සඳහා සුමට කාර්ය සාධනයක් ලබා දෙයි.  Funtouch OS 11 (based on Android 11) සුමට පරිශීලක අන්තර්ක්‍රියාකාරිත්වයක් සපයයි. V20 හි 4000mAh බැටරියක් ද ඇතුළත් වේ. 33W FlashCharge සමඟින් බැටරිය 65% ක් දක්වා සැහැල්ලු වේගයකින් Charge වේ. එලෙසම V20 හි සමස්ත ක්‍රියාකාරීත්වය ඉහළ නංවන HD ප්‍රතිස්ථාපනය සමඟ Multi Turbo, gaming turbo සහ memory recaller වැනි අනෙකුත් විශේෂාංග ද ඇතුළත් වේ.

V20 රු. 69,990 ක මිලකට දිවයින පුරා Abans, Dialog, Singhagiri සහ vivo බලයලත් අලෙවිකරුවන්ගෙන් ලබා ගත හැකිය.  එහිදී  V20 මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙත Dialog වෙතින් Anytime 50GB Data පැකේජයක් හිමිවන අතර  එය ඔක්තෝබර් 15 සිට මාස 2 ක කාලයක් සඳහා වලංගු වේ.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *